Home උණුසුම් පුවත් සංගීතයක් බලන්න ගොස් කාන්තාවකට පහරදුන් කොස්තාපල්ට වූ දේ..

සංගීතයක් බලන්න ගොස් කාන්තාවකට පහරදුන් කොස්තාපල්ට වූ දේ..

0
සංගීතයක් බලන්න ගොස් කාන්තාවකට පහරදුන් කොස්තාපල්ට වූ දේ..

කාන්තාවකට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරඇත්තේ තිරප්පනේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම කොස්තාපල්වරයා පසුගිය 10 වෙනිදා රාජකාරි විවේකය වාර්තාකර සිටියදී සහෝදරයා සමඟ නිවසින් පිටව ගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නැරඹිමටය.

එහිදී ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් නිවසකට කඩාවැදී කාන්තාවකට පහරදී ඇති බව කපුගොල්ලෑව පොලීසිය සඳහන් කළේය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර රෝහලට ඇතුලත්කර ඇත. තමාටද පහරදුන් බව කියමින් පොලිස් නිලධාරියාද අනුරාධපුර රෝහලට ඇතුලත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ දී බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here