Home උණුසුම් පුවත් පැරණි අමනාපකම් අලුත් වී 4ක් මරුදකී

පැරණි අමනාපකම් අලුත් වී 4ක් මරුදකී

0
පැරණි අමනාපකම් අලුත් වී 4ක් මරුදකී
fresh crime scene at night

පැරණි අමනාපකම් මුල්කරගෙන පරණ අවුරුද්දේ ඇතිවුණු ගැටුම්වලින් ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් සිව් දෙනෙක් ඝාතනය වී තිබේ.

කුඩා ඔය, බලංගොඩ, මාතලේ සහ හුංගම යන ප්‍රදේශවලදී මෙම ඝාතන සිදුව ඇත.

මේ අතරින් කුඩාඔයදී ඝාතනය වන්නේ වෙහෙරයායේ පදිංචිකරුවෙක් වන එම්. ප්‍රියන්ත කුමාර නැමැති 44 හැවිරිදි වියේ පසුවන්නෙකි. පහරදීමකින් සිදුවූ එම ඝාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන හිච්චි වසන්ත නැමැති අයයි. එම සැකකරු සහ ඝාතනය වූ පුද්ගලයා මස්සිනාලාය. පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්ව ඇත්තේ සැකකරුගේ බිරිඳගේ සහෝදරයා බවය. අතින් පයින් කළ පහරදීමකින් මෙම ඝාතනය වී ඇත.

බලංගොඩ ඝාතනය වී ඇත්තේ පෙට්ටිගලවත්තේ පදිංචිකරුවෙකි. නන්ද ක්‍රීෂ්නන් නැමැති 32 හැවිරිදි වියේ පසුවන ඔහු වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙකි. ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇත.

මාතලේදී සහෝදරයින් දෙදෙනෙක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යමින් එක් සහෝදරයෙක් විසින් අනිත් සහෝදරයාට පිහියකින් පහරදී ඝාතනයකර තිබේ. දෙදෙනා එක්ව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙම ඝාතනය වී ඇත.

ඝාතනය වී ඇත්තේ එල්. ක්‍රීෂාන් නැමැති 27 හැවිරිදි වියේ පසුවූවෙක් වන අතර සැකපිට ඔහුගේ 34 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

හුංගම ඝාතනය වී ඇත්තේ රන්ත වාඩිගලදීය. අවුරුදු 26ක් වන එච්.එස්. දිල්ශාන් නැමැති අයෙක් මෛසේ ඝාතනය වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය එම ප්‍රදේශයේම පපදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here