Home උණුසුම් පුවත් උණබම්බු වෙඩිල්ල පුපුරාගොස් දරුවකු මරුට

උණබම්බු වෙඩිල්ල පුපුරාගොස් දරුවකු මරුට

0
උණබම්බු වෙඩිල්ල පුපුරාගොස් දරුවකු මරුට

උණබම්බු වෙඩි පත්තුකරමින් සිටියදී එය පුපුරාගොස් 11 හැවිරිදි දරුවෙකු පිළිස්සී තුවාල ලබා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලව පොලිස් වසමේ කඹගල්ල , බොඩි හංදියේ පදිංචිව සිටි එම්.පී.ඩී.එන්. යෙහාන් දරුවාය. .

11 හැවිරිදි වියේ පසුවූ මෙම දරුවා සිය වැඩිමහල් සහෝදරයා සහ මිතුරන් කිහිප දෙනෙකු සමඟ එක්ව අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 08 වෙනිදා උණබම්බු වෙඩි පත්තුකරමින් සිටියදී එය පුපුරාගොස් තුවාල ලබා ඇත.

කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙම දරුවා පේරාදෙණිය රෝහලට මාරුකර යවා ඇත. බරපතල තත්ත්වයේ සිටි දරුවා ඊයේ සවස මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here