Home උණුසුම් පුවත් අලුත් අවුරුද්දට රටපුරා බෙදන්න හොර නෝට්ටු ගැසූ තැනක්

අලුත් අවුරුද්දට රටපුරා බෙදන්න හොර නෝට්ටු ගැසූ තැනක්

0
අලුත් අවුරුද්දට රටපුරා බෙදන්න හොර නෝට්ටු ගැසූ තැනක්

අලුත් අවුරුද්දේ බෙදා හැරීම සඳහා ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වටලා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ නෝට්ටු ඇතුළු මුද්‍රණ උපකරණ සමඟ නෝට්ටු මුද්‍රණය කළ පුදගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානය පිහිටා තිබීතේ අහංගම, ඉමදූව පාරේ, ශ්‍රමදාන මාවතේය.

පොලීසිය ඊයේ මෙම ස්ථානය වටලා ඇත්තේ භයේ දිනයේදීය. මෙම ස්ථානයේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට අමතරව විදෙස් ගමන් බලපත්‍රවල ඇතැම් කොටස්ද මුද්‍රණය කරන බවට සැකකරන තොරතුරු ලැබී ඇත. එහි තිබී විවිධ පුද්ගලයින්ට අයත් විදෙස්ගමන් බලපත්‍ර 100ක්ද හමුවී ඇත.

පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ රුපියල් 1000, 5000, සහ 500 නෝට්ටු මෙහි මුද්‍රණයකර ඇති බවය. එම නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක්ද පොලීසියට හමුවී ඇත. එසේම මෙම නෝට්ටු මුද්‍රණයට යොදාගත් කඩදාසි තොගයක්ද සොයාගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරු 47 හැවිරිදි වියේ පසුවන ශ්‍රමදාන මාවතේ පදිංචිකරුවෙකි. ඔහු රැකියාව ලෙස සිදුකරනු ලබන්නේ වෙළඳ සහයකයෙකු ලෙස කටයුතු කිරීම බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here