Home දේශීය පුවත් උණුසුම් පුවත් මොරටුව නගරාධිපති සමන්ලාල් ජූනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මොරටුව නගරාධිපති සමන්ලාල් ජූනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මොරටුව නගරාධිපති සමන්ලාල් ජූනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මොරටුමුල්ලේ පැවැති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ එහි සේවයේ නිරතව සිටි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයේ රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් ඉදිරිපත්කළ කරුණු සලකා බලා අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

තමා විසින් නම්කළ පුද්ගලයන්ට එන්නත් ලබාදෙන ලෙසට බල කරමින් නගරාධිපතිවරයා එන්නත්කරණයේ නිරතව සිටි වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here