Home උණුසුම් පුවත් ඉන්දීය ධීවරයෝ වසරකට ඩොලර් මි.2000ක් ලංකාවට නැතිකරන හැටි හෙළිවෙයි

ඉන්දීය ධීවරයෝ වසරකට ඩොලර් මි.2000ක් ලංකාවට නැතිකරන හැටි හෙළිවෙයි

ඉන්දීය ධීවරයෝ වසරකට ඩොලර් මි.2000ක් ලංකාවට නැතිකරන හැටි හෙළිවෙයි

අප රටට අයිති මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වසරකට ඩොලර් මිලියන 2000ක් වටිනා මත්ස්‍ය අස්වැන්නක් ඉන්දීය ධීවරයින් විසින් නෙලාගන්නා බවට ගණනය කර තිබේ.

ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණය වී ඇත.

වසර 30කින් නාරා ආයතනය උතුරු, නැගෙනහිර ප්‍රදේශයේ මුහුදු පිළිබඳ නිවැරදි සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් මෙහිදී හෙළිවූ බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ මහතා පැවසීය.

මෙම කාරක සභාව හමුවට ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලු නිලධාරීන් කැඳවා තිබුණි.

නාරා ආයතනය, ධීවර සංස්ථාව, ධීවර නීතිගත සංස්ථාව ඇතුළු තවත් ආයතන කිහිපයක සාමාජිකයින් ඊට කැඳවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here