Home උණුසුම් පුවත් හමුදාවෙන් ගිය අයට පොදු සමාකාලයක්

හමුදාවෙන් ගිය අයට පොදු සමාකාලයක්

හමුදාවෙන් ගිය අයට පොදු සමාකාලයක්

නිවාඩු නොමැතිව ත්‍රිවිධ හමුදාවේ සේවයට වාර්තා නොකර සිටින සියලුම හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේය.

මෙම කාලය තුළ සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයින් සඳහා නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසේ.

යම් පුද්ගලයෙකු විසින් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදුකෙරේ.

මෙම සමාකාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඔවුන්ගේ ආදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමා කාලයේ දී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here