Home උණුසුම් පුවත් කුවේටයේ ජොබ් එකට ගිය බිරිඳ හාම්පුතා එක්කම ගෙදර ඇවිත්

කුවේටයේ ජොබ් එකට ගිය බිරිඳ හාම්පුතා එක්කම ගෙදර ඇවිත්

0
කුවේටයේ ජොබ් එකට ගිය බිරිඳ හාම්පුතා එක්කම ගෙදර ඇවිත්

කුවේටයේ රැකියාවක් සඳහා ගොස් සිටි කතක් ඇගේ එරට හාම්පුතාවත් රැගෙන මෙරටට පැමිණීම හේතුවෙන් එම කතගේ සැමියා උරණව නිවසට ගිනිතැබීමේ සිදුවීමක් වාර්තා වන්නේ බිබිල ප්‍රදේශයෙනි.

මෙම නිවස පිහිටා ඇත්තේ මඩකලපුව පාරේ වැලිපොතයාය ප්‍රදේශයේය.

පොලීසිය පවසන ආකාරයට අනුව සිදුවීම පෙළ ගැසෙන්නේ මෙසේය.

ප්‍රදේශීය සභාවක රියදුරෙකු ලෙස සේවයේ නිරත 39 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුගේ බිරිඳක් කුවේටයේ රැකියාවක් සඳහා වසර කිහිපයකට පෙර පිටත්ව යන්නේ පවුලේ අගහිඟකම් හේතුවෙනි. 37 හැවිරිදි එම බිරිඳ පසුගිය දා කුවේටයේ සිට පැමිණෙනුයේ 80 හැවිරිදි කුවෙට් හාම්පුතාවත් රැගෙනය. ඔහුට ඇය සිය නිවසේ නවාතැන් පවා දුන්නාය.

මේ ගැන උරණවන සැමියා පසුගිය 30 වෙනිදා බිරිඳට කරන පහරදීමක් හේතුවෙන් ඇය රෝහල්ගතකර ඇත. අනතුරුව 31 වෙනිදා අලුයම් කාලයේදී ඔහු නිවසට ගිනි තබන්නේ කුවෙට් ජාතික හාම්පුතාත් බිරිඳගේ පියාත් බිරිඳගේ මවත් නිවස තුළ නිදා සිටියදීය.

නිවස ගිනි ගන්නා විට එම ගින්නට හසුවී නිවස තුළ රැදී සිටි ඔවුන්ද පිළිස්සී තුවාල ලබා රෝහල්ගතකර ඇත. එහිදී බිරිඳගේ 80 හැවිරිදි පියා ගින්නෙන් ඇතිවුණු තුවාල වල සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සැමියාව අත්අඩංගුවටගත් බව බිබිල පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here