Home උණුසුම් පුවත් වෙල්යායේ පිදුරුගොඩට තැබූ ගින්නට හසුවී අයෙක් මරුට

වෙල්යායේ පිදුරුගොඩට තැබූ ගින්නට හසුවී අයෙක් මරුට

0
වෙල්යායේ පිදුරුගොඩට තැබූ ගින්නට හසුවී අයෙක් මරුට

සේරුපිටිය විහාරස්ථානය අසල පිහිටි වෙල්යායේ තිබුණු පිදුරුගොඩක ගින්නකට මැදි වී 74 හැවිරිදි වියේ පසුවන පුද්ගයකු මියගොස් ඇත.

සේරුපිටිය දමනේවෙල පදිංචිව සිටි ටී.එම්. ජයසේකර නැමැති ගොවියෙක් මෙසේ ගින්නට හසුවී මියගොස් තිබේ.

මෙම පුද්ගලයා වෙල්යායේ පිදුරු ගොඩකට තැබූ ගින්න ඇවිලී වෙල්යාය පුරා පැතිර ගොස් ඇති බවත් ඊට හසුවී මෙම පුද්ගලයා පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here