Home උණුසුම් පුවත් විල්ගමුව පොලීසියේ ගිනිඅවි හොරකම ගැන විමර්ශන සී.අයි.ඩී.යට

විල්ගමුව පොලීසියේ ගිනිඅවි හොරකම ගැන විමර්ශන සී.අයි.ඩී.යට

0
විල්ගමුව පොලීසියේ ගිනිඅවි හොරකම ගැන විමර්ශන සී.අයි.ඩී.යට

විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු සතුව තිබුණු ටී 56 අවිය සොරා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

ඊට මුල්වී ඇත්තේ ලග්ගල පොලිස් ස්ථානයේ උපසේවා අංශය තුළ තිබුණු අවි බහලන පෙට්ටියේ තිබුණු ටී 56 අවියක් සහ රිවෝල්වර 05ක් 2016 අප්‍රේල් 14 වෙනිදා සොරා ගැනීමකට ලක්වන විට එම පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිට ඇත්තේ මෙම කොස්තාපල්වරයාම බව අනාවරණය වීම හේතුවෙනි.

මෙම කොස්තාපල්වරයාව සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රදවාගැනීමේ නියෝගයක්ද පසුගිය 26 වෙනිදා පොලීසිය ලබාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here