Home උණුසුම් පුවත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් වෙයි

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් වෙයි

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් වෙයි

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා මෙම බද්ද ක්‍රියාත්මක කෙරුණි.

ඒ වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙන වකවානුවේදී ඔවුන්ව අරක්ෂා කරගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි ක්ෂණික බද්දක් ලෙස මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වූ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ගොවි නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙන නිශ්චිත වකවානුව හඳුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුණු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here