Home උණුසුම් පුවත් මෙරට එන්නත් වැඩපිළිවෙළ දූෂිත වෙලා – වෛද්‍ය නිලධාරී සංගමයකින් චෝදනා

මෙරට එන්නත් වැඩපිළිවෙළ දූෂිත වෙලා – වෛද්‍ය නිලධාරී සංගමයකින් චෝදනා

මෙරට එන්නත් වැඩපිළිවෙළ දූෂිත වෙලා – වෛද්‍ය නිලධාරී සංගමයකින් චෝදනා

අංජනා මල්ලවආරච්චි

මෙරට කොවිඩ් මර්දන එන්නත් ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම දූෂිත වී හැබැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ප්‍රමුඛතා අනු පිළිවෙළකට අනුව covid මර්දනය එන්නත් ලබානොදීම නිසා කොරෝනා පාලනය හා අපේක්ෂිත අරමුණු කරා යාමට නොහැකි වී ඇතැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

කොරෝනා මර්ධන මූලධර්මවල එක් ක්‍රමවේදයක් වන එන්නත්කරනය සිදු කිරීමේ දී කළ යුතු ආකාරයේ රෝග සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වල පැහැදිලිව සඳහන් වන බව ද ජයන්ත බණ්ඩාර මහතා කීය.

මේ වන විට රට තුළ සිදු වන එන්නත් ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය හා සහයෝගය තාවය ලබා ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here