Home උණුසුම් පුවත් තවත් 250,000ක් අස්වැසුම ඉල්ලති

තවත් 250,000ක් අස්වැසුම ඉල්ලති

තවත් 250,000ක් අස්වැසුම ඉල්ලති

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයඳුම්පත් 250,000 ක් පමණ ලැබී ඇති බව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ,මෙවර අයඳුම්පත් Online ක්‍රමයට කැඳවූ බවයි.

මීට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයැදුම්පත් භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මේවනවිට අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධිකයි.

හැඳුනුම්පත් නොමැතිවීම ඇතුළු ලියකියවිලිවල ගැටලු හේතුවෙන් තවත් ලක්ෂ තුනකට අධික පිරිසකට අස්වැසුම ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here