Home උණුසුම් පුවත් ලංකාවට එන්න ඉන්න ගුවන් මගීන්ට පැනවූ තහනම ඉවතට

ලංකාවට එන්න ඉන්න ගුවන් මගීන්ට පැනවූ තහනම ඉවතට

ලංකාවට එන්න ඉන්න ගුවන් මගීන්ට පැනවූ තහනම ඉවතට

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ලබන ජුනි මස 1 වනදා සිට ඉවත් කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව ලබන ජුනි 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතෙක් මෙරටට පැමිණීමට මගීන්ට අවසර දී තිබේ.

ඒ කොන්දේසි කිහිපයකට යටත්ව ය.

  1. පැමිණෙන සෑම ගුවන් යානයකටම ගමන් කළ හැක්කේ උපරිම මගීන් 75 ක් පමණි.
  2. පසුගිය දින 14 තුළ ඉන්දියාවට (සංක්‍රමණ ඇතුළුව) සංචාරක ඉතිහාසයක් ඇති ඕනෑම මගියෙකුට පැමිණීමට අවසර නොලැබේ.
  3. පැමිණෙන සියලුම මගීන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව දින 14 ක නිරෝධායන කාලයකට යටත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here