Home උණුසුම් පුවත් ඊජිප්තු තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසේ සොරකමක්

ඊජිප්තු තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසේ සොරකමක්

0
ඊජිප්තු තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ නිවසේ සොරකමක්

ඊජිප්තු තානාපති කාර්යාලයේ සේවයේ නිරත පාලන නිලධාරීවරිය පදිංචිව සිටින කොල්ලුපිටියේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවසක සිදුව ඇති සොරකමක් සම්බන්ධයෙන් සමාගමක ගෘහ භාණ්ඩ බෙදා හැරීමේ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටියේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක 36 වෙනි මහලේ මෙම නිලධාරිනියගේ නිවස පිහිටා ඇති බව සඳහන්ය.

ඊජිප්තු ජාතික කාන්තාවක් වන එම නිලධාරිනියගේ නිවසේ සොරකම සිදුව ඇත්තේ පසුගිය 09 වෙනිදාය. ඇය ඒ ගැන පොලීසියට පැමිණිලිකර ඇත්තේ ඊයේ දිනයේදීය.

සොරාගෙන ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 05ක් වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයකි.

මෙරට පිහිටි ප්‍රධාන පෙලේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමකට කළ ඇනවුමකට අනුව එම සමාගමේ බෙදා හැරීමේ නිලධාරීන් ගෘහ භාණ්ඩ රැගෙන ආ පසු මෙම සොරකම සිදුව ඇති බව පැවසේ. තානාපති කාර්යාලයේ නිලධාරිනිය සැකකරනු ලබන්නේ ඒ අය විසින් මෙම සොරකම සිදුකර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here