Home දේශීය පුවත් උණුසුම් පුවත් අලගල්ල කන්දෙන් වැටුණු සරසවි සිසුවා හමුදාවෙන් බේරාගනියි

අලගල්ල කන්දෙන් වැටුණු සරසවි සිසුවා හමුදාවෙන් බේරාගනියි

අලගල්ල කන්දෙන් වැටුණු සරසවි සිසුවා හමුදාවෙන් බේරාගනියි

වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දස⁣දෙනෙකු පසුගියදා (09) දින කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවෙක් ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව ඇත.

ඒ පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව 611 බලස්නාවේ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට දැනුම් දී ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී යුද්ධ හමුදා භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ළඟා වී ඇත.

ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් අනතුරට පත් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නම් විශ්වවිද්‍යාල සිසුවා ප්‍රපාතයෙන් ගොඩට ගෙන ප්‍රථමාධා⁣ර ලබාදී ඇත.

අනතුරුව ඔහුව කදුපාමුලට ගෙනවිත් වැඩිදුර ප්‍රතිකා⁣ර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here