Home උණුසුම් පුවත් රෝහිත අබේගුණවර්ධන කෝප් සභාපති පුටුවට

රෝහිත අබේගුණවර්ධන කෝප් සභාපති පුටුවට

රෝහිත අබේගුණවර්ධන කෝප් සභාපති පුටුවට

කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් සභාපතිවරයා ලෙස අද වැඩි ඡන්දයෙන් තේරි පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (07) පැවති අවස්ථාවේදීය.

කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා සියලූ සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත්මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමඟින් එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බවද නව කෝප් සභාපතිවරයා සදහන් කළේය.

මෙහිදී සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.

රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරන ලදී.

එසේම ගාමිණි වලේබොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

කෝප් කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සහ නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට හැකිවන ලෙස ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here