Home උණුසුම් පුවත් බටහිර – මැදපෙරදිගට අහසට යෝධ මල් හඳ පෑයු හැටි

බටහිර – මැදපෙරදිගට අහසට යෝධ මල් හඳ පෑයු හැටි

බටහිර – මැදපෙරදිගට අහසට යෝධ මල් හඳ  පෑයු හැටි

මෙම ඡායාරූපවලින් දිස්වන විශ්මය ජනක දර්ශනවලින් දැක්වෙන්නේ Super Flower Moon පෘථිවියට ආසන්නතම කක්ෂය තුළ දීප්තියෙන් බැබළෙන අන්දම අමෙරිකාවේ නිව්යෝර්ක් සහ ඩුබායි වෙත දිස්වූ ආකාරයයි.

සුපිරි සඳ නැතිනම් යෝධ සඳක් ලෙස දිස්වීම එරට වේලාවෙන් අඟහරුවාදා රාත්‍රියේ අළුයම 1.47 ට චන්ද්‍රග්‍රහණයක් සමඟ සමපාත වන බැවින් චන්ද්‍රයා මෑන්හැටන්වලට ඉහළින් රාත්‍රී අහසේ විශාල හා රතු පැහැයෙන් දිස් විය.

චන්ද්‍රග්‍රහණය දෘශ්‍ය වන්නේ බටහිර වෙරළ තීරයේ සහ ආසියාවේ මිනිසුන්ට පමණි.

මෙම චන්ද්‍රග්‍රහණයේ පුර්ණ කොටස සහ අර්ධ කොටස මෙරටට දිස්නොවන අතර වන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කිහිපය ඡායාවක ස්වරූපයෙන් දැක බලාගැනීමට හැකියාව පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙරට වේලාවෙන් පස්වරු 7.19 පමණ මෙම ඡයා චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලාංකිකයන්ට ද දැකගත හැකි වේ.

මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, උතුරු අමෙරිකාව යන රටවලට දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවසීය.

නාසා ආයතනයට අනුව චන්ද්‍රයා පෘථිවිය සමඟ කක්ෂයේ ආසන්නතම ස්ථානයේ සිටින අතර එය වසරේ සෙසු චන්ද්‍රයා පිහිටන ස්ථානයට වඩා සියයට 17 ක් විශාල වන අතර 30% දීප්තිමත් වේ.

චන්ද්‍රයා පෘථිවියේ සිට සැතපුම් 226,000 ක් ඈතින් සිටින අතර පෘථිවිය වටා දින 27 ක කක්ෂයේ නිශ්චිත ස්ථානයක පූර්ණ චන්ද්‍ර අවධියේ සිටින විට මෙම සංසිද්ධිය Super Moon, Blood Moon, Flower Moon, Super Flower Moon ආදි නම්වලින් හැඳින්වේ.

නිව් ජර්සි වෙත සද පෙනෙන අයුරු
නිව්ජර්සි හි වීහෝව්කන් නගරයට දිස්වූ අයුරු
උතුරු මැසිඩෝනියාවට සුපිරි සද දිස්වූ අයුරු
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය සද දුටු හැටි
ඩුබායි රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක වහළයේ මුදුන සලකුණට එපිටින් සද දිස්වන අයුරු
නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here