Home COVID ගිනිගත් නැවේ තුවාල ලැබූ නැවියකුට කොවිඩ්

ගිනිගත් නැවේ තුවාල ලැබූ නැවියකුට කොවිඩ්

ගිනිගත් නැවේ තුවාල ලැබූ නැවියකුට කොවිඩ්

කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනිගන්නා එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ ඊයේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා වහා රෝහල්ගත කළ කාර්ය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඊයේ සෙසු අයද බේරාගැනුණු අතර තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල්ගත කිරීමෙන් අනනතුරුව කොවිඩ් -19 ආසාදනය වී ඇත්දැදයි පරීක්‍ෂණ සිදුකළ පසු මේ බව තහවුරු වී තිබේ.

මේ අතර එම නෞකාවේ ගින්න නිවීම සදහා එක්ව සිටින මෙරට නාවික සහ ගුවන් හමුදාවට සහය වීම සදහා ඉන්දීය ගුවන් හා නාවික හමුදාවේ යානාවක් නෞකාවක් සහ බෝට්ටුවක් ද පැමිණ ඇත.

එම නෟකාවේ රසායනික බහලුම් මුහුදේ ගසාගෙන වෙරළ දෙසට එමින් පවතින අතර ඒවා අසලට යාමෙන් හෝ වළකින ලෙස ආපදා අංශ දැනුම් දෙයි.

මෙම බහාලුම් ඇල්ලීමට හෝ සුදුසු නොවන්නේ එය ඉතා හානිකර ප්‍රතිඵල අත්කර දිය හැකි බැවින් බව ද ආපදා අංශ අනතුරු අගවා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here