Home උණුසුම් පුවත් ඉෆ්තාර් සමරන්න තිබූ සල්ලි ගාසා දරුවන්ට දෙයි

ඉෆ්තාර් සමරන්න තිබූ සල්ලි ගාසා දරුවන්ට දෙයි

ඉෆ්තාර් සමරන්න තිබූ සල්ලි ගාසා දරුවන්ට දෙයි

ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදල” යනුවෙන් මෙරටදී අරමුදලක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.

එය පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබාදෙන ලෙස ද උපදෙස් ලබාදී ඇත.

පසුගිය ඔක්තෝබරයේ සිට ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය දරුවන් ගණන 10,000 කට අධික බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත අනාවරණය කරයි.

ගාසා තීරයේ ළමුන් මිලියන 1.1ක් පමණ විසූ බවට එහි දත්ත පවසා තිබුණි.

තවමත් සිදුවෙමින් ඇති ගාසාහි ගැටුම්වලින් මේ දක්වා මියගිය ගණන සමස්ත ළමා ජනගහනයෙන් 1% කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here