Home උණුසුම් පුවත් විශ්වාසභංගයට මාලිමාවේ සහය

විශ්වාසභංගයට මාලිමාවේ සහය

විශ්වාසභංගයට මාලිමාවේ සහය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහය පළකිරීමට තීරණය කර තිබේ.

ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ මෙම විශ්වාසභංගය ගෙන ඒම සාධාරණ බැවින් තම පක්ෂය ඊට සහය දෙන බවයි.

එමෙන්ම, මෙම විශ්වංසභංගය ගෙනඑනු ලබන්නේ කථානායකවරයාගේ හැසිරීම හෝ විපක්ෂයට සළකන ආකාරයට නොව, ඔන්ලයින් පනත සම්මග කරගන්නා අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කොට එම අධිකරණය මගින් යෝජනා කර තිබූ සංශෝධන කාරක සභා අවස්ථාවට ඇතුළත් නොකිරීම නිසා බවත් හෙතෙම කීය.

එය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක් බවත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සාධාරණ බවත් ඔහු පැවසීය.

සමගි ජනබලවේග‍ය විසින් මෙම විශ්වාසභංගය ගෙන එන බව පවසා ඇති අතර ඊට අත්සන් තැබීම ද දැන් ආරම්භ කර ති‍බේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here