Home උණුසුම් පුවත් රාගම මස් කඩ ව්‍යාපාරිකයාට වෙඩි තිබ්බේ හමුදා රාජකාරියේ ඉන්න ගමන් ඇවිත්

රාගම මස් කඩ ව්‍යාපාරිකයාට වෙඩි තිබ්බේ හමුදා රාජකාරියේ ඉන්න ගමන් ඇවිත්

0
රාගම මස් කඩ ව්‍යාපාරිකයාට වෙඩි තිබ්බේ හමුදා රාජකාරියේ ඉන්න ගමන් ඇවිත්

Update – මස්කඩ ව්‍යාපාරිකයාගේ ඝාතන සැකකරු අම්පාරෙන් අල්ලයි

රාගම මස්කඩ ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී කඳවුරෙන් පැනගිය හමුදා සෙබලාව කරදියනාරු මාර්ග බාධකයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම හමුදා සෙබළා අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරට භාරදී ඇත.


රාගම මස්කඩ ව්‍යාපාරිකයෙකුට පසුගිය 21 වෙඩි තැබූ වෙඩික්කරු යුද හමුදා සෙබළෙක් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

නැගෙනහිර පළාතේ පිහිටි කඳවුරක සේවයේ නිරත එම සෙබළා සේවයේ නිරතව සිටින අතරතුර කඳවුරෙන් හොර රහසේ 20 දා පිටත්ව දුම්රියක නැගී 21වෙනිදා රාගම දුම්රිය ස්ථානයෙන් බැස යතුරු පැදියක නැගී මස්කඩ ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇතැයි හෙළි වී ඇත.

වෙඩි තැබීමෙන් පසු ඔහු නැවතත් රාගමෙන් දුම්රියක නැගී කඳවුරට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා ඊයේ උදෑසන වන විටත් කඳවුරේ රැඳී සිටියද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන බව බලධාරීන්ට දැනුම් දී කඳවුර වෙත යමින් සිටියදී ඔහු කඳවුරෙන් පලා ගොස් ඇති බවට විශේෂකාර බලකායට දැනුම් දීමක් කර තිබේ.

වෙඩික්කරුව රැගෙන යතුරුපැදිය පැදවූ පුද්ගලයා දකුණු පළාතේ අයෙක් බවත් ඔහු කොස්ගොඩ සුජී ගේ ගෝලයෙක් බවටත් තොරතුරු අනාවරණය වී ඇත. එම යතුරුපැදිකරු යුද හමුදාවෙන් පලා විත් සිටින සෙබළෙක් බව හෙළිවී ඇත.

මෙම ඝාතනයට යුද හමුදාවේ පලාවිත් සිටින තවත් සෙබලෙක් සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here