Home උණුසුම් පුවත් මෙරට මුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය ළඟදිම අවසන්

මෙරට මුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය ළඟදිම අවසන්

මෙරට මුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය ළඟදිම අවසන්

මෙරට සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු ලබන ජුනි මාසය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කිරීම ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම දේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණය මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

විදේශ ණය බහු පාර්ශවීය සහ ද්වි පාර්ශවීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර බහු පාර්ශවීය ණය අඛණ්ඩව ගෙවීමට කටයුතු කළ බව හෙතෙම කියාසිටියේ ය.

ද්වි පාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස වන විට අවසන් කර ගිවිසුම් ගතවීමටයි සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව, ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විට නිමාකිරීමට ද සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here