Home COVID කොවිඩ් නිසා ලංකාවට යන්න එපා – අමෙරිකාවෙන් සංචාරකයන්ට උපදෙස්

කොවිඩ් නිසා ලංකාවට යන්න එපා – අමෙරිකාවෙන් සංචාරකයන්ට උපදෙස්

කොවිඩ් නිසා ලංකාවට යන්න එපා – අමෙරිකාවෙන් සංචාරකයන්ට උපදෙස්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට සිය සංචාරක උපදේශන මාලාව අලුත් කර තිබේ.

එය පෙර පැවතියේ 3 වන මට්ටමේ එනම් මෙරට සංචාරය කරන්නේ නම් නැවත සලකා බැලිය යුතුය යනුවෙනි.

එහෙත් මේ වනවිට අමෙරිකානු රජය තම ජනතාවට දැනුම් දී ඇත්තේ එය 4 වන මට්ටම දක්වා එනම් සංචාරය නොකරන ලෙසට යාවත්කාලීන කර ඇති බවයි.

රටේ පවතින COVID-19 තත්වය හේතුවෙන් පමණක් මෙම සංචාරක උපදේශනය අලුත් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ත‍්‍රස්තවාදී තර්ජන මට්ටමට කිසිදු වෙනසක් නැති බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරති.

USA travel advisory

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here