Home උණුසුම් පුවත් ලැප් එකෙන් හෙළුවැලි පෙන්වා සිසුවාට අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

ලැප් එකෙන් හෙළුවැලි පෙන්වා සිසුවාට අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

0
ලැප් එකෙන් හෙළුවැලි පෙන්වා සිසුවාට අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

පාසල් සිසුවෙකුට ලැප්ටොප් යන්ත්‍රයකින් නිරුවත් ඡායාරූප පෙන්වා ලිංගික අතවරයක් කළ පාසල් ගුරුවරයෙකුව තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 53ක් වන මෙම ගුරුවරයා තෙල්දෙණිය මඩපොල පදිංචිකරුවෙකි.

ඔහු විසින් මෙසේ ලිංගික අතවර කර ඇත්තේ ඔහු ඉගැන්වීම්කරනු ලබන පාසලේම ඉගෙනුම ලබන 06 ශ්‍රේණියේ දරුවෙකුටය.

පාසල් කාලය තුලදී සිසුවාට අතවර කළ මෙම ගුරුවරයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (15) සවස් කාලයේදීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here