Home උණුසුම් පුවත් සූර් මතින් ඩියුටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා SSPගේ අතටම මාට්ටු

සූර් මතින් ඩියුටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා SSPගේ අතටම මාට්ටු

0
සූර් මතින් ඩියුටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා  SSPගේ අතටම මාට්ටු

රාත්‍රී රාජකාරියට යොදවා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බීමතින් සිටියදී නිකවැරටිය කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතාගේ අතටම ඊයේ (15) රාත්‍රී කාලයේදී හසුවී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රාත්‍රී කාලයේ හදිසියේම පොලිස් ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමේදී රාජකාරියේ නිරතව සිටි මෙම උප පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිටින බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව එම නිලධාරියාව නිකවැරටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇත. ඔහු බීමතින් සිටින බව තහවුරු වී ඇත්තේ එහිදීය.

ඒ අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here