Home උණුසුම් පුවත් සොරකම් රැසකට ඇල්ලූ කාන්තාව රෝහලින් පනී

සොරකම් රැසකට ඇල්ලූ කාන්තාව රෝහලින් පනී

0
සොරකම් රැසකට ඇල්ලූ කාන්තාව රෝහලින් පනී

නිවෙස් බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට රෝගී තත්ත්වයක් හේතුවෙන් හොරණ රෝහලට පොලිස් ආරක්ෂාව යටතේ ඇතුලත්කර සිටි සැකකාරියක් ඊයේ දහවල් පළාගොස් තිබේ.

මඩපාත බටකැත්තර දේවාල පාරේ පදිංචිකාරියක් වන කේ.ඩී.එම්. සංජීවනී නැමැති 40 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙසේ පළාගොස් ඇත.

පසුගිය ජනවාරි 24 වෙනිදා සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන පොලීසියේ නිලධාරීන් විසිනි.

රෝගී තත්ත්වයක් මත රෝහල්ගතකර සිටි ඇය ඊයේ දහවල් පළාගිය පසුව කළ මෙහෙයුමකින් අනතුරුව මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් සවස් කාලය වන විට ඇයව අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here