Home උණුසුම් පුවත් විෂ වායු කාන්දුවකින් ධීවරයෙක් මරුට – 07ක් රෝහලේ

විෂ වායු කාන්දුවකින් ධීවරයෙක් මරුට – 07ක් රෝහලේ

0
විෂ වායු කාන්දුවකින් ධීවරයෙක් මරුට – 07ක් රෝහලේ

අම්බලන්ගොඩ ධිවර වරායේ නැංගුරම් ලා තිබුණු බහුදින ධිවර යාත්‍රාවක බහලුමක සිදුවූ යම් විෂ වායු කාන්දුවකින් ධිවරයෙක් මියගොස් 07 දෙනෙක් රෝහල්ගතකර ඇත.

මෙම විෂ වායු කාන්දුව සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.

බහුදින ධිවර යාත්‍රාව මසුන් තොගයක්ද අල්ලාගෙන ධිවර වරායට පැමිණ නැංගුරම් ලා තිබී ඇත්තේ එම මසුන් ගොඩබීම සඳහාය. සීත බහලුමක ගබඩාකර තිබුණු එම මසුන් පිටතට ගැනීමට බහලුම ඇතුලට ගිය පුද්ගලයෙක් සිහිසුන්ව බහලුම තුල වැටී ඇත. ඔහුව බහලුමෙන් පිටතට ගෙන ඒමට ගිය 07 දෙනෙක්ද එහිදී ක්ලාන්ත වී තිබේ. ඔවුන් 08 දෙනාම බලපිටිය රෝහලට රැගෙන ගිය පසු එක් අයෙක් මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

බහලුම තුළ හටගත් විෂ වායු තත්ත්වයක් මේ තත්ත්වයට මුල්වි ඇති බව සැකකරයි. මියගොස් ඇත්තේ අවුරුදු 44ක් වයසැති වතුගෙදර පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here