Home උණුසුම් පුවත් මාලදිවයින් පැරෂුට් භටයින්ට යුද්ධ හමුදාපති අතින් පදක්කම්

මාලදිවයින් පැරෂුට් භටයින්ට යුද්ධ හමුදාපති අතින් පදක්කම්

මාලදිවයින් පැරෂුට් භටයින්ට යුද්ධ හමුදාපති අතින් පදක්කම්

කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල වෙතින් මූලික පැරෂුට් පුහුණුව සාර්ථකව නිමාකළ දේශීය සහ විදේශීය පැරෂුට් භටයින් වෙත නිල ලංඡන පැළඳවීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ අතින් අද (06) යුද්ධ හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිනි.

මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය නියෝජනය කරමින් මෙරටදී මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව අංක 4 හැදෑරූ පිරිසකට සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙසුනිලයන් පිරිසකට මෙලස නිලලාංඡන පැළඳවීම සිදු කෙරිණ.

ඒ අනුව මූලික පැරෂුට් පුහුණුව සාර්ථකව හැදෑරූ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ සෙසු නිලයින් 14ක් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙසු නිලයින් 13ක් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් අතින් නිල ලාංඡන පැළඳවිණ.

මෙහි විශේෂත්වය වන්නේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ද මෙම පිරිස සමඟ කුඩා ඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලේදී පැරෂුට් පැනීමේ කුසලතාවය ප්‍රගුණ කර තිබීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here