Home දේශීය පුවත් උණුසුම් පුවත් චන්ද්‍රිකාට පුටුවේ ලොකු පුටුවක්

චන්ද්‍රිකාට පුටුවේ ලොකු පුටුවක්

චන්ද්‍රිකාට පුටුවේ ලොකු පුටුවක්

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට එහි විධායක සභාව ඊයේ (6) තීරණය කර තිබේ.

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බව පැවසේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.

පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබේ.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කර ඇත.

එමෙන්ම පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here