Home උණුසුම් පුවත් සංචරණ සීමා අස්සේ දොස්තර මුද්‍රාව බොරුවට ගහගෙන යන අය ගැන සොයන්නැයි ජනපති කියයි

සංචරණ සීමා අස්සේ දොස්තර මුද්‍රාව බොරුවට ගහගෙන යන අය ගැන සොයන්නැයි ජනපති කියයි

සංචරණ සීමා අස්සේ දොස්තර මුද්‍රාව බොරුවට ගහගෙන යන අය ගැන සොයන්නැයි ජනපති කියයි

සංචරණ සීමා කාලය තුළ වෛදවරුන්ගේ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගෙන පුද්ගලයන් වාහනවල ගමන් ගන්නේදැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

සංචරණ සීමා පැනවූවද බොහෝ වාහන මහමග දක්නට ලැබෙන බවත් එබැවින් වාහන පරීක්ෂාව පිළිබද මෙම කාලය තුළ දැඩිව අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය නොමැතිව සීමා පැනවීමේ ඵලක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුනි.

“25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. මොකද බොරු අයත් ඒ සීල්එක ගහගෙන යනවා. ජනතාව මේක තේරුම් ගන්නේ නැතුව වැහුවට වැඩක් නෑ. නීති දාලා විතරක් කරන්න බෑ. සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒක සම්බන්ධීකරණය කරගන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here