Home උණුසුම් පුවත් සජබ ජනරැළිය අද කොළඹදී -උසාවියෙනුත් නියෝගයක්

සජබ ජනරැළිය අද කොළඹදී -උසාවියෙනුත් නියෝගයක්

සජබ ජනරැළිය අද කොළඹදී -උසාවියෙනුත් නියෝගයක්

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ මහජනතාව අපහසුතාවට සහ රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් විරෝධතා පා ගමනක් පැවැත්වීම සම්බන්ධයෙනි.

සමගි ජනබලවේගය ‘මේ දුෂ්ට ආණ්ඩුව එළවමු’ යන සටන් පාඨයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන ජනරැළියක් කොළඹදී පැවැත්වීමට නියමිතය. ‘වෙනසක් හදන වසරක් 2024’ තේමාව යටතේ එම ජනරැළියක් අද පැවැත්වීමට සූදානම් කර ඇත.

අද(30) පස්වරු 1.30ට කොළඹ හයිඩ් පිටියෙන් සහ පංචිකාවත්තෙන් විරෝධතා පෙළපාලිය ආරම්භ කරන බව එම පක්ෂය පැවසීය.

එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ, විරෝධතාවයට 60,000 කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රැස්වීම පැවැත්වෙන ස්ථානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here