Home COVID කොවිඩ් මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් රුපියල් මිලියන 1,787 ක පැකේජයක්

කොවිඩ් මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් රුපියල් මිලියන 1,787 ක පැකේජයක්

කොවිඩ් මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් රුපියල් මිලියන 1,787 ක පැකේජයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් බව මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසරිස් කාර්යාලය සදහන් කරයි.

එම මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක් වනු ඇත.

මෙරට කොවිඩ් -19 මර්දන වැඩසටහනට එම පැකේජයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස් පෙයින් පවසන බව කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (24) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙම ආධාරය පිරිනැමෙන්නේ ඉන්දීය සාගර කලාපයේ අසල්වැසි රටවල කොවිඩ් 19 ව්‍යසනයේ බලපෑම අවම කිරීමට ලබාදෙන සහන පැකේජයේම කොටසක් වශයෙන් බව ද එම නිවේදනයේ සදහන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී සඳහන් කර ඇත්තේ, “ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් -19 තත්ත්වය වටහාගෙන සිටින අප අසල්වැසි ශ්‍රී ලංකාවට සහායදීමට සූදානමින් සිටින්නෙමු” යනුවෙනි.

ඉදිරිපෙළ සේවා සපයන්නන් රැක ගැනීමටත්, වර්ථමාන සහ අනාගත වසංගත තත්වයනට මුහුණදීම සදහා සෞඛ්‍ය පද්ධතිය හැකියාව පුළුල් කිරීමටත් මෙම නව වැඩසටහන ශ්‍රී ලංකා රජයට උපකාරී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු රජය විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here