Home උණුසුම් පුවත් ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4232 නාම ලේඛනය අද (2024.01.27) දින නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ http://www.moha.gov.lk  නිළ වෙබ් අඩවියේ එම නාමලේඛනය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම විභාග ප්‍රතිඵල අනුව ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2002 ක් සදහා බඳවා ගැනීමට නියමිතව ඇති අතර ඉතා කඩිනමින් ගැසට් නිවේදනයට අනුව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඔවුන් රාජ්‍ය සේවයට එක් කරගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනි ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here