Home උණුසුම් පුවත් ඉරාන -පාකිස්තාන මතභේද කතාකරලා විසඳගන්න චීනයේ සහාය

ඉරාන -පාකිස්තාන මතභේද කතාකරලා විසඳගන්න චීනයේ සහාය

ඉරාන -පාකිස්තාන මතභේද කතාකරලා විසඳගන්න චීනයේ සහාය

ඉරානය හා පකිස්තානය අතර පවතින මතභේද සංවාද මාර්ගයෙන් තුරන් කිරීමට සහාය වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චීනය එම රටවල් දෙක සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බව ද හෙතෙම පැවසීය. දෙරටම චීනයේ හොඳ මිතුරෝ වෙති.

කලාපීය හා ජාත්‍යන්තර සාමය ආරක්ෂා කිරීමෙහි නිරත චීනය රටවල් දෙකේ ගැටළු සංවාද මගින් විසඳා ගැනීමට සහාය වනු ඇත.

එසේම, ඉරානයේ හා පකිස්තානයේ අවශ්‍යතාව අනුව දෙර‍ සම්බන්ධතාව විධිමත් කිරීම සඳහා නිසි පියවර ගැනීමට ද චීනය සූදානම් බව වං වෙන්බින් මහතා කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here