Home උණුසුම් පුවත් පුත්තලම නගරාධිපති මියගියේ කැබ්රියේ පිටුපස තට්ටුවෙන් වැටිලා – ඉදිරිපස ගිය 3ක් අත්අඩංගුවට

පුත්තලම නගරාධිපති මියගියේ කැබ්රියේ පිටුපස තට්ටුවෙන් වැටිලා – ඉදිරිපස ගිය 3ක් අත්අඩංගුවට

පුත්තලම නගරාධිපති මියගියේ කැබ්රියේ පිටුපස තට්ටුවෙන් වැටිලා – ඉදිරිපස ගිය 3ක් අත්අඩංගුවට

හදිසි අනතුරකින් මියගිය පුත්තලම නගරාධිපති කේ.ඒ.බායිස් මහතාගේ අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ගමන් ගත් කැබ් රථයේ රියදුරු හා එහි ගමන් කළ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

නගරාධිපතිවරයාට අයත් පුද්ගලික ඉඩමකට ගොස් පුත්තලම නිවසට එන අතරතුර එළුවම්කුලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

ඔහු ගමන් කර ඇත්තේ පුත්තලම නගර සභාවට අයත් නිළ කැබ් රථයේ පිටුපස තට්ටුවේ ය.

කැබ්රථය අතුරු මාර්ගයෙන් පුත්තලම එළුවන්කුලම මාර්ගයට පිවිසෙන අවස්ථාවේ බායිස් මහතා බිමට වැටී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇත.

මේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් කැබ් රථය පුත්තලම පොලිස් බාරයට ගෙන ඇත.

නියෝජ්‍ය ඇමතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඔහු තුන්වතාවක්ම පුත්තලම නගරාධිපති ලෙස් කටයතු කළේය.

ඒ මහතා මිය යන විට 52 වියේ පසුවූ තිදෙරු පියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here