Home උණුසුම් පුවත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඇති බාධා ගැන අදත් සාකච්ඡාවක්

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඇති බාධා ගැන අදත් සාකච්ඡාවක්

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඇති බාධා ගැන අදත් සාකච්ඡාවක්

දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර තවත් සාකච්ඡාවක් අද(19) පැවැත්වෙයි.

එහිදී මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් පවතින බාධා පිළිබඳව තවදුරටත් අදහස් හුවමාරු කරගන්නා බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය හා තැපැල් ඡන්දය භාවිත කරන පාර්ශව වැඩිකිරීම සඳහා පවතින මූල්‍යමය හා ප්‍රායෝගික බාධා පිළිබඳව සාකච්ඡාවේදි ප්‍රමුඛ අවධානය යොමු කෙරෙනු ඇති.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පවතින ඉන්දියාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයන ද ආරම්භ කර ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව හා සිවිල් සංවිධාන විසින් යෝජනා 50 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව හෙතෙම කීය.

ඒවා අධ්‍යයනයද මේ වන විට ආරම්භ කර ඇති බව මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here