Home උණුසුම් පුවත් මීළඟ පාසල් වාරය කල් යයි

මීළඟ පාසල් වාරය කල් යයි

මීළඟ පාසල් වාරය කල් යයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල්වල 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර එළඹෙන 05 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මීට පෙර 2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 01වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකම නැවත පැවැත්වීමට තීරණය කර ඇත.

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එළඹෙන 01වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් පාසල් වාරය පිළිබඳ මෙම නව තීරණය ගෙන ඇත.

ඒ අනුව කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එළඹෙන 01 වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත ය.

එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here