Home දේශීය පුවත් උණුසුම් පුවත් ලාන්සාගේ අලුත් සන්ධානයේ පළමු රැළිය ජාඇළදී..

ලාන්සාගේ අලුත් සන්ධානයේ පළමු රැළිය ජාඇළදී..

ලාන්සාගේ අලුත් සන්ධානයේ පළමු රැළිය ජාඇළදී..

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ නව සන්ධානයේ පළමු මහජන රැළිය ලබන 27 වැනිදා ජාඇලදී පැවැත්වීමට නියමිතව තිබේ.

“ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් “යන්න තේමාව කර ගනිමින් නව සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සහ එහි නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැලිය පැවැත්වෙයි.

එම රැළියේ සංවිධාන කටයුතු ගැන සාකච්චා කිරීමේ විශේෂ හමුවක් නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල පරණ තානායමේදී පසුගියදා පැවැත්විණි.

මෙම ජන රැලිය සඳහා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, නිමල් ලාංසා, සන්ධානයේ මෙහෙයුම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, හිටපු පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න, හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්, සුගීශ්වර බණ්ඩාර මහත්වරු අතුළු පිරිසක් සහභාගීවී තිබේ.

එමෙන්ම ලබන 27 වැනිදා පැවැත්වෙන මෙම ජන රැලියට පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here