Home උණුසුම් පුවත් වාහන කිහිපයක් ගෙන්වන්න ඉඩ

වාහන කිහිපයක් ගෙන්වන්න ඉඩ

වාහන කිහිපයක් ගෙන්වන්න ඉඩ

රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු සඳහා වාහන සුළු ප්‍රමාණයක් ආනයනයට පියවර ගෙන තිබේ.

මෙමගින් පොදුවේ වාහන අනනය කළ නොහැකි බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයට SUV රථයක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21ක්, අධ්‍යාපන අමාත්‍යංශයට බස්රථ 2ක් සහ ජංගම මාතෘ ඒකක 3ක්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රෑම්ප් රථ 3ක් ආනයනයට ඉඩ සලසා තිබේ.

මේ සියල්ල විදේශ ආධාර මත මෙරටට ගෙන එන ඒවා බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මීට අදාළ ගැසට් පත්‍රය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2366-19_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here