Home උණුසුම් පුවත් සෞඛ්‍ය සේවකයෝ යළි රටපුරා වර්ජනයකට සැරසෙති

සෞඛ්‍ය සේවකයෝ යළි රටපුරා වර්ජනයකට සැරසෙති

සෞඛ්‍ය සේවකයෝ යළි රටපුරා වර්ජනයකට සැරසෙති

ලබන 16 අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් හැර සෙසු සෞඛ්‍ය සේවකයින් සූදානම් වෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත් කළ පරිදි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 27ක් සම්බන්ධ කරගෙන මෙම වර්ජනය සැලසුම් කර ඇත.

වර්ජනයේ මූලික ඉල්ලීම වී ඇත්තේ වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability and Transport (DAT) දීමනාව වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අතෘප්තිය ප්‍රකාශ කිරීමයි.

තමන්ටත් එම දීමනා ලබාදෙන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටී.

පරිපූරක වෛද්‍ය සහ පරිපූරක සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති විසින් දියත් කරන ලද සංකේත වැඩවර්ජන මාලාවක් හේතුවෙන් සෞඛ්‍ය සේවා අඩාල කරමින් පසුගිය සතියේ රෝහල්වල සේවා අඩාල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here