Home COVID ආධුනික පොලිස් නිලධාරීන් සහ STF පිරිසකටක් කොවිඩ්

ආධුනික පොලිස් නිලධාරීන් සහ STF පිරිසකටක් කොවිඩ්

ආධුනික පොලිස් නිලධාරීන් සහ STF පිරිසකටක් කොවිඩ්

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරු 37 දෙනකුට හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 52 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇතැයි අද (23) තහවුරු වී තිබේ.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවීම් ලබමින් සිටියදී හිස රුදාව ඇතිවීමෙන් ඊට ප්‍රතිකාර ගැනීමට නාගොඩ රෝහලට ඇතුලත් කළ ආධුනික පොලිස් කොස්තාපල්වරු 06 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇත. අනතුරුව ඒ අයගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී 37 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මේ වන විට පුහුණුව ලබන ආයුධනිකයින් ගණන 1200 කි. ඒ අයටද පී.සී.ආර්. පරීක්ෂාවන් සිදුකරන බව පොලිස් තොරතුරු සදහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද කදවුරේ නිලධාරීන් 52 දෙනෙකුටද කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත්තේ අද (23) ය. එම නිලධාරීන්ටත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන්ටත් ප්‍රතිකාර ලබාදීමට විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද කදවුරේ අතරමැදි කොවිඩ් රෝහලක්ද අද වන විට ස්ථාපිත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here