Home COVID මෙරටින් හමුවූ කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් එකක්ම කොළඹ

මෙරටින් හමුවූ කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් එකක්ම කොළඹ

0
මෙරටින් හමුවූ කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් එකක්ම කොළඹ

මෙරටින් මෙතෙක් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයනයේ දත්තයන් අනාවරණය කරයි.

එසේම මෙතෙක් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් සියයට 44 කට වැඩි පිරිසක් හදුනාගෙන ඇත්තේද බස්නාහිර පළාතිනි.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 44,233 දෙනෙක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 29,540 දෙනෙක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 14428 දෙනෙක්ද වශයෙන් ඊයේ (22) වන විට කොවිඩ් 19 ආසාදිතයන් හමුවී තිබේ. මෙම දිස්ත්‍රිික්ක තුනට අමතරව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 8,165 දෙනෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් 19 ආසාදිතයින් 7,749 දෙනෙක් හමුවී ඇත.

මෙතෙක් අඩුවෙන්ම කොවිඩ් 19 ආසාදිතයන් හමුවී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි. එම ගණන 487 දෙනෙකි. දෙවැනියට අඩුම කොවිඩ් ආසාදිිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ කිලිනොච්චියෙනි. එම ගණන 603 දෙනෙකි.වව්නියාවෙන්ද කොවිඩ් 19 ආසාදිතයින් මේ කාලය තුළ 689 දෙනෙක් හදුනා ගෙන ඇත.

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 161,241 දෙනෙක් ඊයේ (22) වන විට මෙරටින් හදුනාගෙන තිබුුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here