Home උණුසුම් පුවත් මාතර බන්ධනාගාරයේ පැතිරුණු රෝගයේ අලුත්ම තත්ත්වය

මාතර බන්ධනාගාරයේ පැතිරුණු රෝගයේ අලුත්ම තත්ත්වය

0
මාතර බන්ධනාගාරයේ පැතිරුණු රෝගයේ අලුත්ම තත්ත්වය

මොලේ උණ රෝගයෙන් රෝහල්ගත කළ මාතර බන්ධනාගාරයේ රැඳවූවන් 16 දෙනාගේ තත්ත්වය යහපත් බව මාතර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පවසයි.

පසුගිය 22 දින රැඳවූවන් අටදෙනෙකු මුලින්ම රෝහල් ගතකළ අතර ඉන් එක් රෝගියෙකු මියගියේය.

පසුදින තවත් රැඳවූවන් නවදෙනෙකු රෝහලට රැගෙනවිත් තිබුණි.

මේ අයගෙන් 03 දෙනෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර තිබුණි.

ඔවුන්ගේ තත්ත්වයද මේ වන විට යහපත් අතට පත්වෙමින් ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here