Home උණුසුම් පුවත් හංවැල්ලේ වෙඩි 21ක් – පාතාලයේ 2ක් මරුට

හංවැල්ලේ වෙඩි 21ක් – පාතාලයේ 2ක් මරුට

0
හංවැල්ලේ වෙඩි 21ක් – පාතාලයේ 2ක් මරුට

හංවැල්ල තුන්නාන වත්තෙකඩේ සෙරිල් හිල් නැමැති වෙන්දේසිවත්තේදී ජිප් රථයකින් ගමන්කරමින් සිටි පාතාලයට සම්බන්ධ අපරාධකරුවෙකුට සහ ඔහුගේ ගෝලයෙකුට අද අලුයම ටී-56 අවියකින් වෙඩි තබා ඝාතනයකර ඇත.

හංවැල්ල හා කොස්ගම පැත්තේ මන්නා පිහිවලින් වැඩ පෙන්වන කල්ලියක ප්‍රධානියෙක් වන රොෂාන් ඉන්දික නොහොත් මන්නා රොෂාන් නැමැත්තා හා ඔහුගේ සමීපයෙකු මෙසේ ඝාතනය කර ඇත.

මෙම ඝාතනය, ඩුබායි හී රැදී සිටින හංවැල්ල හා කොස්ගම ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා වන ලලිත් කන්නන්ගරගේ මෙහෙයැවීමෙන් සිදුවී ඇතැයි පොලීසිය කියයි.

මන්නා රොෂාන් නැමැති පුද්ගලයා හංවැල්ල තිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 36ක් පමණ වන ඔහු දෙදරු පියෙකි.

ඝාතනයට ලක්ව සිටි දෙවැන්නා කළු අග්ගල මූනමලේ ජනපදයේ පදිංචිකරුවෙක් වන සුපුන් තිනේෂ් නැමැති අයෙකි. 34 හැවිරිදි ඔහු එක්දරු පියෙකි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ලලිත් කන්නන්ගර විසින් ඔවුන් දෙදෙනාව එම ස්ථානයට ගෙන්වා බව මූළික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

වෙඩි 21ක් තබා ඔවුන් දෙදෙනාව ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here