Home උණුසුම් පුවත් “නේටෝ රටවල් සමඟ යුද්ධ කරන්න කිසිදු අදහසක් නෑ”

“නේටෝ රටවල් සමඟ යුද්ධ කරන්න කිසිදු අදහසක් නෑ”

“නේටෝ රටවල් සමඟ යුද්ධ කරන්න කිසිදු අදහසක් නෑ”

 
නේටෝ රටවල් සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු අදහසක් නොමැති වුවද, නේටෝව හිතාමතා ගැටලු නිර්මාණය කර ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා පවසයි. හෙතෙම මේ බව කියාසිටියේ 17 වැනිදා රුසියානු රූපවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
 
නේටෝව සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු හේතුවක් නොමැති බවත්, භූ දේශපාලනික, ආර්ථික හෝ මිලිටරි අවශ්‍යතා පිළිබඳ සලකා බැලූ විට යුද්ධයකට යාම රුසියාවට වාසිදායක නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම, නේටෝව සමග පවතින සබඳතා පළුදු කර ගැනීමට රුසියාව අපේක්ෂා නොකරන අතර, එම රටවල් සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ද බලාපොරොත්තු වන බව ද හෙතෙම කියාසිටී. එහෙත්, රුසියාව තරගකරුවෙකු බවට පත් කර ගත් නේටෝව හිතාමතාම ගැටළු නිර්මාණය කරමින් සිටින බව ද පුටින් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here