Home උණුසුම් පුවත් පොලිස් ලොක්කෝ 6ක් රුසියාවට

පොලිස් ලොක්කෝ 6ක් රුසියාවට

0
පොලිස් ලොක්කෝ 6ක් රුසියාවට

රුසියාවේ පැවැත්වෙන විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගිවීමට පොලීසියේ ඉහළම නිලධාරීන් 06 දෙනෙක් ඊයේ මෙරටින් පිටත්ව ගොස් ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ඒ අතර සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම නිලධාරීන් මෙරටට පැමිණිමට නියමිතව ඇත්තේ ලබන 26 ටවෙනිදාය.

සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, යාපනය දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්. සෙනරත්, අම්පාර දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති දමින්ද විජය ශ්‍රී, කළුතර දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී.සුගතපාල යන නිලධාරීන් මෙසේ රුසියාව බලා පිටත්ව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here