Home උණුසුම් පුවත් බිරිඳට බෝම්බ ගසා මරාදැමූ සැමියා එල්ලී මැරිලා

බිරිඳට බෝම්බ ගසා මරාදැමූ සැමියා එල්ලී මැරිලා

0
බිරිඳට බෝම්බ ගසා මරාදැමූ සැමියා එල්ලී මැරිලා

සිය බිරිඳට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇයව ඝාතනය කළ සැමියෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇත.

නෙළුව බානාව ප්‍රදේශයේදී මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 14 වෙනිදාය.

පොලීසිය පවසනුයේ බිරිඳ රට රැකියාවකට යාමට සූදානම් වීමක් මුල්කරගෙන ඇතිවූ පවුල් ආරවුලක් මුල්කරගෙන මෙම සිදුවීම වී ඇති බවය.

බිරිඳ ඇගේ වැඩිමහල් සහෝදරියගේ නිවසට ගොස් සිටියදී 14 වෙනිදා එහි පැමිණි සැමියා ඇයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය කියයි.

එම බෝම්බ ප්‍රහාරයෙන් පිළිස්සුම් තුවාල ලැබූ බිරිඳ රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (15) මියගොස් ඇත. සැමියාද ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ ගසක එල්ලී බව පොලීසිය කියයි.

සිය සැමියා විසින් එල්ලකල බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මියගොස් ඇත්තේ එම්.එල්. ශ්‍රියානි නැමැති කාන්තාව වන අතර ගෙල වැලලාගෙන සියදිවි හානිකරගත් සැමියා පී.පී.ජී. විමලසිරි නැමැති අයෙකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here