Home දේශීය පුවත් උණුසුම් පුවත් “මට අද හරි සතුටුයි.. රට වැල් පාලමෙන් එගොඩ කළා”

“මට අද හරි සතුටුයි.. රට වැල් පාලමෙන් එගොඩ කළා”

“මට අද හරි සතුටුයි.. රට වැල් පාලමෙන් එගොඩ කළා”

පසුගිය වසරේදී තමා බංකොළොත් වූ රටක් භාරගත් නමුත් මේ වනවිට ලංකා මාතාව වැල් පාලමෙන් එගොඩ කිරීමට තමාට හැකි වූ බැවින් අද ඉතාමත් සතුටු දවසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය අනුමත කිරීමේ නිල නිවේදනය අද පෙරවරුවේ දැනුම් දුන් බව පවසමින් ජනාධිපතිවරයා අද(13) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

වැල් පාලමේ කතාවට ඇතැමුන් අපහාස උපහාස කළ ද ගියවසරේ බංකොලොත් රට බාරගැනීමට අද කෑ කෝ ගසන කිසිදු දේශපාලන නායකයකු ඉදිරිපත් නොවූ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ගෘෘෂා ගැයූ ‘අපිට පුතේ මඟක් නැතේ’ ගීය සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දැන් රට බංකොළොත් භාවයෙන් මිදෙන මාවතට පිවිස ඇති බවත් මේ මඟ හැර වෙනත් මාර්ගයක් රටට නොමැති බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here