
ප්‍රධාන ජලාශ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.
මේ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල සිටින මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
එමෙන්ම මෙම ප්‍රදේශවල වාහන ධාවනයේදී වඩා සැළකිලිමත් වන ලෙස ද රියදුරන්ට දන්වා සිටී.